රටේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ 2026 මාර්තු මාසය සඳහා වන දීමනා අද දින බැංකුගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. රජය විසින් මෙම මාසයේ ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික දැවැන්ත මුදලක් වෙන් කර ඇති අතර, ඒ අනුව දිවයින පුරා විසිරී සිටින අතිවිශාල පවුල් සංඛ්‍යාවකට මෙම සහනය හිමිවනු ඇත.
මෙහිදී සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල් 1,408,635ක් වෙනුවෙන් රුපියල් එක්දහස් එකසිය දාහතරක කෝටියකට අධික මුදලක් වෙන් කර ඇති අතර, තවත් ප්‍රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් දෙසිය තිස්පහක කෝටියකට අධික මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ. පවතින ආර්ථික වාතාවරණය හමුවේ ජනතාවගේ ජීවන වියදම කළමනාකරණය කරගැනීම සඳහා මෙම මාසික දීමනාව නියමිත දිනට ලබා දීමට පියවර ගැනීම විශේෂත්වයකි. අද දිනයේ සිට අදාළ බැංකු ශාඛා මගින් හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හරහා මෙම මුදල් ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව සලසා දී ඇත.














