මෙම ඉරිදා (2026 මාර්තු 15) පැවැත්වීමට නියමිත 98 වන ඔස්කාර් සම්මාන උළෙල (Oscars 2026) ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් “හදිසි ප්‍රහාරයක්” (Surprise attack) එල්ල කිරීමේ අවදානමක් පවතින බවට ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) අනතුරු අඟවා තිබේ. නිව්යෝර්ක් පෝස්ට් (NYPost) සහ ඒබීසී නිවුස් (ABC News) වාර්තා කරන පරිදි, ඇමරිකානු බටහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ හඳුනා නොගත් නෞකාවක සිට ඩ්‍රෝන යානා (UAVs) මගින් කැලිෆෝනියාවේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇත.
මෙම තර්ජනයත් සමඟ හොලිවුඩයේ ඩොල්බි රඟහල (Dolby Theatre) අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර, ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව (LAPD) සහ FBI ආයතනය එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඔස්කාර් විධායක නිෂ්පාදක රාජ් කපූර් (Raj Kapoor) ප්‍රකාශ කර ඇත්තේ, උළෙලට සහභාගී වන සියලුම කලාකරුවන්ගේ සහ රසිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ සමඟ සමීපව කටයුතු කරන බවයි. වර්තමාන මැදපෙරදිග යුද වාතාවරණය තුළ ඉරානය සිය පළිගැනීමේ මෙහෙයුම් ඇමරිකානු භූමිය දක්වා ව්‍යාප්ත කරනු ඇතැයි පවතින බිය මෙමගින් තවදුරටත් තහවුරු වේ.
කෙසේ වෙතත්, කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) සඳහන් කර ඇත්තේ මේ වන විට නිශ්චිත ඉලක්කයක් පිළිබඳව තොරතුරු නොමැති වුවද, ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවයි. සම්මාන උළෙල පැවැත්වෙන පරිශ්‍රය අවට සැතපුමක ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, 1,000කට අධික පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සහ විශේෂ SWAT කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබේ.
– තොරතුරු සහ දර්ශන උපුටා ගැනීම:
NYPost, ABC News, Variety, The Hollywood Reporter සහ ජාත්‍යන්තර පුවත් සේවා ඇසුරින්.














