ඩුබායි හි සුඛෝපභෝගී දූපත් ජීවන රටාව නව මානයකට ගෙන යමින්, ‘Citi Developers’ සමාගම විසින් ක්‍රියාත්මක කරන AGUA Residences ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. කලාත්මක සැලසුම්, සෞඛ්‍ය සම්පන්න දිවිය සහ නවීන තාක්ෂණය ඒකාබද්ධ කරමින් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය ඩුබායි අයිලන්ඩ්ස් (Dubai Islands) හි සුවිශේෂී සලකුණක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කිලෝමීටර් 21ක වෙරළ තීරයක්, සුඛෝපභෝගී යාත්‍රා අංගන සහ ගොල්ෆ් ක්‍රීඩා පිටිවලින් සමන්විත මෙම මනරම් පරිසරය තුළ ඉදිවන AGUA Residences, ජලයේ ගලායාම සහ ස්වභාවික හැඩතලවලින් ආභාසය ලබා නිර්මාණය කර ඇත. නිදන කාමර එකේ සිට හතර දක්වා වූ මහල් නිවාස, ඩියුප්ලෙක්ස් (Duplexes) සහ පෙන්ට්හවුස් (Penthouses) මෙහි ඇතුළත් වන අතර, ඒ සෑම ඒකකයක්ම IoT තාක්ෂණය සහ AI මගින් ක්‍රියාත්මක වන පෞද්ගලික සහායක පද්ධතිවලින් සමන්විත වේ.
නිවැසියන්ගේ සුවතාවය වෙනුවෙන් යෝගා ස්ටූඩියෝ, රෝම ස්නානාගාර, ස්පා (Spa) පහසුකම් සහ පෞද්ගලික සිනමා ශාලා මෙන්ම ‘Cloud 9’ නමැති වහල මත පිහිටි විවේකී ප්‍රදේශය ද මෙහි විශේෂාංග අතර වේ. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහ ප්‍රධාන නගර මධ්‍යස්ථානවලට ඉතා සමීපව පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, ආයෝජකයන්ට මෙන්ම පදිංචිකරුවන්ට ද ඉතා ආකර්ෂණීය ගමනාන්තයක් වනු නොඅනුමානය.














