හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන ජාත්‍යන්තර බොරතෙල් ප්‍රවාහන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර යුද නැව් කණ්ඩායමක් මැදපෙරදිග කලාපයට යැවීමට ඇමරිකානු පෙන්ටගනය සූදානම් වන බව ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරයි. ඉරානය විසින් මෙම උපායමාර්ගික ජල මාර්ගය අවහිර කරන බවට තර්ජනය කර ඇති පසුබිමක, ලෝක බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නෞකාවලට ආරක්ෂක සේවා (Escort) සැපයීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මීට අමතරව, මැදපෙරදිග කලාපය භාර අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා (CENTCOM) කළ ඉල්ලීමකට අනුව, මැරීන් භටයින් 2,500 කින් සමන්විත විශේෂ ගවේෂණ ඒකකයක් ඉරානය ආසන්නයේ යෙදවීමට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අනුමැතිය ලබා දී ඇත. ඉරාන නායක මොජ්ටාබා කමේනි විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට කළ ප්‍රකාශයත් සමඟ ගෝලීය තෙල් මිල ඉහළ යාමේ අවදානම සැලකිල්ලට ගෙන පෙන්ටගනය මෙම හදිසි පියවර ගෙන ඇති බව වාර්තා වේ.














