කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ අක්‍ෂි සායන කටයුතු හදිසියේ නතර වීම හේතුවෙන් ප්‍රදේශයේ අසරණ රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටිති. මෙම සායනය භාරව සිටි වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලැබී වෙනත් රෝහලකට යාමත් සමඟ අදාළ සායන කටයුතු මෙලෙස සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වේ.
අතුරුගිරිය, හබරකඩ, ඔරුවල, හෝකන්දර සහ තුන්අඳහේන ඇතුළු අවට ප්‍රදේශ රැසක ජනතාව මෙම සායනයෙන් ප්‍රතිකාර ලබාගත්හ. සායන කටයුතු නතර වීම හේතුවෙන් සිය අක්ෂි රෝග පරීක්ෂාවන් සහ ඉදිරි ප්‍රතිකාර කර ගැනීමට නොහැකිව රෝගීන් දැඩි අසරණභාවයට පත්ව සිටී. විශේෂයෙන්ම වැඩිහිටි සහ අඩු ආදායම්ලාභී රෝගීන් පවසන්නේ පුද්ගලික අංශයෙන් මෙවැනි ප්‍රතිකාර ලබා ගැනීමට තමන්ට මූල්‍ය ශක්තියක් නොමැති බවයි.
පවතින ගැටලුව සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් අවධානය යොමු කර, පුරප්පාඩු වී ඇති වෛද්‍ය තනතුර සඳහා නව නිලධාරියෙකු පත් කර සායනය නැවත ආරම්භ කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.














