රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති දූෂණ චෝදනා සහ ගැටලු මඟහරවා ගැනීම සඳහා රටට නව ප්‍රසම්පාදන නීතියක් අවශ්‍ය බව විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. පැෆරල් (PAFFREL) සංවිධානය විසින් සංවිධානය කරන ලද සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, නව ප්‍රසම්පාදන නීතියක් හඳුන්වා දීම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුමේ ද ප්‍රධාන කොන්දේසියක් බවයි.
දූෂණය පිටුදැකීම සහ නීතියේ ආධිපත්‍යය සැමට සමානව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ මන්ත්‍රීවරයා, වර්තමාන රජය සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට ද චෝදනා කළේය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සංශෝධනය කරන බවට දුන් පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














