පසුගිය සැප්තැම්බර් මාසයේ ලෙහ් (Leh) ප්‍රදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටි ප්‍රකට දේශගුණික විපර්යාස ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වංචුක් (Sonam Wangchuk) වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ජාතික ආරක්ෂක පනත (National Security Act) යටතේ ඔහු රඳවා තබා ගැනීමට ගෙන තිබූ තීරණය ඉවත් කරමින් රජය අද (මාර්තු 14) මෙම නිවේදනය නිකුත් කළේය.
ලඩාක් කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීමට රජය කැපවී සිටින බවත්, සියලු පාර්ශවකරුවන් සමඟ සාර්ථක සංවාදයක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් රජයේ නිල ප්‍රකාශයේ සඳහන් වේ. කලාපයේ පාරිසරික ආරක්ෂාව සහ ස්වයං පාලනය ඉල්ලා පැවැත්වූ විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව සිටියේය.














