ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටි ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් තිදෙනෙකු සිය තීරණය වෙනස් කරමින් යළි ඉරානය බලා යාමට තීරණය කර තිබේ. මෙලෙස සිය තීරණය වෙනස් කර ඇත්තේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ ලොජිස්ටික් අංශයේ සාමාජිකාවක බව ඉරානයේ ‘ෆාර්ස්’ පුවත් ඒජන්සිය තහවුරු කරයි.
ඕස්ට්‍රේලියාවේ පැවැති කාන්තා ආසියානු කුසලාන තරගාවලිය අතරතුර, ඉරාන ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය මත තමන්ට හිංසා පීඩා සිදුවනු ඇතැයි බියෙන් මොවුන් මීට පෙර මානුෂීය වීසා බලපත්‍ර ලබාගෙන තිබුණි. කෙසේ වෙතත්, ඉරාන බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.














