මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ තවත් ඇමෙරිකානු හමුදා භටයින් 5,000 කගෙන් සමන්විත බලඇණියක් යැවීමට තීරණය කළ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ. මෙම බලඇණියට නාවික සහ මැරීන් විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළත් වන අතර, ජපානය පදනම් කරගෙන ස්ථානගත වී තිබූ ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ (USS Tripoli) ප්‍රහාරක නෞකා බලඇණියද මේ සඳහා එක්වනු ඇතැයි වාර්තා වේ.














