ටෝකියෝ නුවර පැවැත්වෙන ඉන්දු පැසිෆික් බලශක්ති ආරක්ෂක අමාත්‍ය සහ ව්‍යාපාරික සංසදය අමතමින් ඇමෙරිකා අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග්බර්ගම් ප්‍රකාශ කළේ ආසියා පැසිෆික් කලාපයට විශ්වාසදායක සහ ආරක්ෂිත බලශක්ති සැපයුමක් ලබාදීමට එක්සත් ජනපදයට හැකියාව ඇති බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “බලශක්ති ආධිපත්‍යය” පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ මිත්‍ර රටවල බලශක්ති ආරක්ෂාව සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














