ඉන්දියාවේ බටහිර බෙංගාලය, කේරළය, තමිල්නාඩුව, ඇසෑමය සහ පුදුචෙරි යන ප්‍රාන්ත සහ යූනියන් ප්‍රදේශ පහේ ව්‍යවස්ථාදායක සභා මැතිවරණ පැවැත්වෙන දිනයන් අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඉන්දීය මැතිවරණ කොමිසම අද පස්වරු 4:00 ට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇති අතර එහිදී මැතිවරණය පවත්වන අදියර සහ අදාළ කාලසටහන නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත.
මෙම ප්‍රාන්තවල පවතින ව්‍යවස්ථාදායක සභාවල නිල කාලය එළඹෙන මැයි සහ ජුනි මාසවලින් අවසන් වීමට නියමිත බැවින්, නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව එම කාලයට පෙර මැතිවරණ පවත්වා අවසන් කළ යුතුය. මේ සඳහා අවශ්‍ය අවසන් ඡන්ද හිමි නාමලේඛන දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති අතර, මැතිවරණ කොමිසම පසුගිය බදාදා (11) නවදිල්ලියේදී රැස්වී මැතිවරණ සැලසුම් පිළිබඳ අවසන් තීරණයට එළඹ තිබේ. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මෙහෙයුමක තීරණාත්මක පියවරක් අද මෙලෙස සනිටුහන් වනු ඇත.














