පවතින ඉන්ධන අර්බුදයට යම් සහනයක් එක් කරමින්, ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් හෙට (16) මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මැදපෙරදිග නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම අඩපණ වී තිබියදී මෙම නෞකාව පැමිණීම විශේෂත්වයකි.
මීට අමතරව, මෙම මාසය තුළ තවත් ඉන්ධන නෞකා තුනක් මෙරටට පැමිණීමට නියමිත බව සංස්ථාව වැඩිදුරටත් තහවුරු කරයි. මෙම තොග ලැබීමත් සමඟ දැනට පනවා ඇති සීමාකාරී කෝටා ක්‍රමවේදය යම් මට්ටමකට ලිහිල් කිරීමට හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.














