ජම්මු-කාශ්මීරයේ උරි (Uri) සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ පාකිස්ථාන තර්ජනකරුවෙකු (Terrorist) වෙඩි තබා ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත්ව තිබේ. මර්ධන මෙහෙයුම ක්‍රියාත්මක වූයේ මාර්තු 14 සහ 15 යන දිනවල මැදියම් රාත්‍රියේ උරි සෙක්ටරයේ බුච්චාර් (Buchhar) ප්‍රදේශයේදීය.
ජම්මු-කාශ්මීර පොලිසියෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත ඉන්දීය හමුදාව සහ පොලිසිය එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම දියත් කරන ලදී. එහිදී සැකකටයුතු ලෙස දේශසීමා ආසන්නයේ ගැවසෙමින් සිටි පිරිසකට ආරක්ෂක අංශ අභියෝග කළ අතර, එහිදී සිදුවූ වෙඩි හුවමාරුවේදී එක් අයෙකු ඝාතනය විය. ඝාතනය වූ පුද්ගලයා සන්තකයේ තිබී AK වර්ගයේ රයිෆලයක්, පිස්තෝල සහ විශාල පතොරම් ප්‍රමාණයක් හමුදා භාරයට ගෙන ඇත. ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉන්දීය හමුදාවේ චිනාර් බලකාය (Chinar Corps) තහවුරු කරයි.














