නොරොච්චෝල බලාගාරය සඳහා භාවිත කරන ගල් අඟුරුවල ප්‍රමිතිය බාල වුවහොත්, ඉන් නිකුත් වන අහිතකර රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාවකගේ සෞඛ්‍යයට සෘජු බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ගල් අඟුරු දහනයෙන් පරිසරයට මුදා හැරෙන සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් සහ රසදිය වැනි බැර ලෝහ කාණ්ඩ 05ක් මගින් මෙම අවදානම නිර්මාණය වී ඇත.
විශේෂයෙන්ම රසදිය මට්ටම ඉහළ යාම නිසා සාගර ජීවීන් දූෂණයට ලක්වන අතර, එවැනි මත්ස්‍යයන් පරිභෝජනය කිරීම මිනිස් සිරුරට ඉතා අහිතකර බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. මෙම ගල් අඟුරු ටෙන්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) ඉල්ලා සිටියද, මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවට ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.















