උදරයේ ඇති වූ දැඩි ආබාධයක් හේතුවෙන් නුවරඑළිය රෝහලට ඇතුළත් කළ 39 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අද (16) උදෑසන මෙලෙස මියගොස් ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මියගිය පුද්ගලයා පසුගිය 14 වනදා කිසියම් අයෙකුගේ දරුණු පහරකෑමකට ලක්ව ඇති බවයි. එම පහරදීමෙන් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති අතර, පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් මරණයට හේතුව වෙනත් සෞඛ්‍යමය තත්ත්වයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.














