2022 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල නීති විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟදක්වමින් මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකුට එරෙහි පැමිණිල්ල අද (16) යළි කැඳවනු ලැබීය. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ අදාළ පැමිණිල්ල ලබන අගෝස්තු මස 17 වනදා යළි කැඳවන ලෙසයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන ගොනු වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. එම උපදෙස් ලැබෙන තෙක් නඩුව කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය. අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකාරියන් පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියහ.














