ඉරානයේ කාර්ග් දූපත (Kharg Island) ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර මගින් එහි තිබූ තෙල් නල පද්ධතිය හැර සෙසු සියලු ඉදිකිරීම් අමෙරිකානු හමුදා විසින් විනාශ කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (16) ප්‍රකාශ කළේය.
ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපතට එල්ල වූ මෙම ප්‍රහාරවලදී එහි හමුදාමය සහ යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා පවසා තිබේ. කෙසේ වෙතත් එහි පවතින තෙල් නල පද්ධතියට (Oil pipes) හානි සිදු නොකිරීමට වගබලා ගත් බව ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වෙමින් පවතින පසුබිමක, ඉරානයේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
















