ඉන්ධන නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් QR පද්ධතිය ලියාපදිංචි කිරීමේදී පාරිභෝගිකයන් මුහුණ දුන් තාක්ෂණික ගැටලුවලට මේ වන විට විසඳුම් ලබා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි. විශේෂයෙන්ම වාහනවල අයිතිය වෙනස් වීම සහ ජංගම දුරකථන අංක යාවත්කාලීන කිරීමේදී මතු වූ බාධාවන් මෙහිදී නිවැරදි කර තිබේ. මීට අමතරව, තමන් සතු වාහනයක් අලෙවි කර ඇති පුද්ගලයින්ට එම වාහනය පද්ධතියෙන් ඉවත් කර ගැනීමේ (De-register) පහසුකම ද අලුතින් හඳුන්වා දී ඇති අතර, එලෙස වාහන අලෙවි කළ පුද්ගලයින්ට සිය ගිණුම්වලින් එම දත්ත ඉවත් කරන ලෙස අමාත්‍යාංශය දැනුම් දෙයි.
ගෝලීය දේශපාලනික අස්ථාවරත්වය හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිතව කළමනාකරණය කරගැනීම සහ ජනතාවට සාධාරණ ලෙස ඉන්ධන බෙදාහැරීම මෙම නව QR ක්‍රමවේදයේ මූලික අරමුණ බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පෙන්වා දෙයි. මෙම පද්ධතිය වඩාත් සාර්ථක කරගැනීම සඳහා අනවශ්‍ය කලබලයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින තත්ත්වය හමුවේ බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීම සහතික කිරීම සඳහා මෙම තාක්ෂණික යාවත්කාලීන කිරීම් ඉවහල් වනු ඇත.















