ඉරානයේ බෝම්බ ඇටවීමේ නාවික බලඇණිය විනාශ කළ බව තහවුරු කළද, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය වහාම යථා තත්ත්වයට පත් නොවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. හමුදාමය තර්ජන සැලකිය යුතු ලෙස අඩු කර ඇති නමුත්, ගෝලීය නැව් කර්මාන්ත ක්ෂේත්‍රය තවමත් එම මාර්ගය භාවිත කිරීමට පසුබට වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
කෙනඩි මධ්‍යස්ථානයේදී (Kennedy Center) අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ, වර්තමානයේ භාවිත වන සුපිරි තෙල් ප්‍රවාහන නෞකාවක වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2ක් (පවුම් බිලියන 1.6ක්) පමණ වන බැවින්, පූර්ණ ආරක්ෂාව තහවුරු වන තෙක් එවැනි දැවැන්ත අවදානමක් ගැනීමට නැව් හිමිකරුවන් අකමැති වනු ඇති බවයි. මුහුදේ බෝම්බ (Mines) තිබිය හැකි බවට පවතින සුළු සැකය පවා කලාපයේ නාවික ගමනාගමනය අඩාල කිරීමට ප්‍රමාණවත් බව ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම වැදගත් වෙළෙඳ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.














