වසර 160කට පසු ප්‍රථම වතාවට ජ්‍යොතිෂවේදීන්ගේ පොදු එකඟතාවයකින් සකස් කරන ලද 2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද (17) මහානායක ස්වාමීන්වහන්සේලා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වෙත මෙම නැකැත් සීට්ටුව පිළිගැන්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. පසුගිය වසරවල නැකැත් සම්බන්ධයෙන් පැවති මතභේද මගහරවා ගනිමින්, විධිමත් ක්‍රමවේදයකට අනුව මෙම නැකැත් පත්‍රය සකස් කර ඇති අතර ඒ අනුව මෙවර අලුත් අවුරුද්ද උදාවීම අප්‍රේල් 14 වන අඟහරුවාදා පෙරවරු 9:32ට සිදුවීමට නියමිතය.















