ඉන්දියාව සිය ජාත්‍යන්තර වෙළඳ හවුල්කාරිත්වයන් පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, පේරු, චිලී ඇතුළු රටවල් සහ කලාපීය කණ්ඩායම් හයක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) සඳහා වන සාකච්ඡා මේ වන විටත් පවත්වමින් සිටින බව ඉන්දීය වාණිජ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම උපායමාර්ගික පියවර හරහා ගෝලීය වෙළඳපොළට ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමටත්, ආර්ථික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමටත් ඉන්දියාව අපේක්ෂා කරයි.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත “ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම” (ETCA) සඳහා වන සාකච්ඡා 2015 වසරේදී ආරම්භ වූ අතර මේ දක්වා සාකච්ඡා වට 14 ක් පවත්වා අවසන් කර ඇත. වඩාත් මෑතකදී පැවති සාකච්ඡා වටය 2024 ජූලි මස පැවැත්වුණු අතර, පවතින නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කිරීම හෝ නව ETCA ගිවිසුමකට එළඹීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ නිල තීරණය ලැබෙන තෙක් ඉන්දියාව මේ වන විට බලාපොරොත්තුවෙන් පසුවෙයි. මීට අමතරව ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් (BTA) සඳහා වන මූලික රාමුවකට 2026 පෙබරවාරි 7 වනදා දෙරට එකඟ වූ අතර ඉන් ඉන්දියානු භාණ්ඩ සඳහා ඇමරිකානු වෙළඳපොළේ සහනදායී බදු ප්‍රතිශතයන් හිමිවීමට නියමිතය.ඕස්ට්‍රේලියාව සමඟ වන විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම (CECA) සඳහා සාකච්ඡා වට 11 ක් පවත්වා ඇති අතර, පේරු සහ චිලී යන රටවල් සමඟ ද සාකච්ඡා සැලකිය යුතු මට්ටමකින් ඉදිරියට ගොස් ඇත. එමෙන්ම යුරේසියානු ආර්ථික සංගමය (EAEU) සහ ඊශ්‍රායලය සමඟ ද නව වෙළඳ ගිවිසුම් සඳහා වන මූලික සාකච්ඡා 2025 සහ 2026 වසරවලදී ආරම්භ කර තිබේ. මෙම ක්‍රියාවලීන්ට අමතරව එක්සත් රාජධානිය සහ ඕමානය සමඟ වන ගිවිසුම් මේ වන විට අනුමත කිරීමේ අදියරේ පවතින අතර, යුරෝපා සංගමය සහ නවසීලන්තය සමඟ වන සාකච්ඡා දැනටමත් සාර්ථකව නිම කර ඇති බව වාණිජ














