‘Euphoria’ සහ ‘The Kissing Booth’ වැනි චිත්‍රපට හරහා ජනප්‍රිය වූ ඕස්ට්‍රේලියානු ජාතික නළු ජේකොබ් එලෝර්ඩිගේ වීසා බලපත්‍රයේ ගැටලුවක් හේතුවෙන් ඔහුව අමෙරිකාවෙන් පිටුවහල් කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබේ
මෙම අසත්‍ය ප්‍රචාරය ආරම්භ වී ඇත්තේ ‘outtapocketnews’ නමැති ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හරහා වන අතර එහි සඳහන් වූයේ වීසා ගැටලුවක් නිසා ඔහුව රඳවා තබාගෙන පසුව ඕස්ට්‍රේලියාව බලා යන ගුවන් යානයකට නැංවූ බවයි
කෙසේ වෙතත් ජේකොබ් එලෝර්ඩි පසුගිය ඉරිදා (මාර්තු 15) ලොස් ඇන්ජලීස්හි පැවති 98 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා ද සහභාගී වී ඇති අතර ඔහු මේ වන විටත් අමෙරිකාවේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ඔහුට මීට පෙර අවස්ථාවලදී අමෙරිකානු වීසා සම්බන්ධයෙන් යම් යම් බාධාවන් පැවතුණ ද, වර්තමානයේ එවැනි කිසිදු ගැටලුවක් හෝ පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් වී නොමැති බව තහවුරු වී ඇත
මෙම පුවත හුදෙක් සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය නොමග යවන සුළු ප්‍රකාශයක් (Viral Rumor) පමණක් වන අතර රසිකයින්ට ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස විදේශීය පුවත් සේවා දැනුම් දෙයි














