තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රුපියල් මිලියන 150ක් වටිනා “කුෂ්” (Kush) මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ 22 හැවිරිදි තරුණියක සහ තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (18) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නිලධාරීන් විසින් සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. මොවුන් සිය ගමන් මලු තුළ සූක්ෂ්ම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවාගෙන පැමිණ ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම 22 හැවිරිදි වියේ පසුවන පිරිසක් වන අතර, ඔවුන් මෙම ජාවාරම සඳහා යොදාගත් ප්‍රධාන මෙහෙයවන්නන් කවුරුන්ද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුගිය කාලසීමාව තුළ තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, ගුවන්තොටුපළ ආරක්ෂක අංශ සහ මත්ද්‍රව්‍ය නාශක ඒකක සිය සෝදිසි මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගෙන තිබේ.














