2026 ඔක්තෝබර් මාසයේදී ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) පදක්කමක් දිනාගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා ජාතික සෙවන්ස් රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ප්‍රංශ ජාත්‍යන්තර ක්‍රීඩක තියරි ජැනසෙක් (Thierry Janeczek) සමඟ මාස හයක ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව, චීනයේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු සෙවන්ස් තරගාවලිය සඳහා ද ඔහු ජාතික කණ්ඩායම මෙහෙයවනු ඇත.
1982 වසරේදී ප්‍රංශය නියෝජනය කළ තියරි ජැනසෙක්, රග්බි සෙවන්ස් ක්‍රීඩාව සඳහා විශේෂ දක්ෂතාවක් දක්වන අයෙකු වන අතර ඔහු 1993 ලෝක කුසලාන සෙවන්ස් තරගාවලියේදී සිය රට නියෝජනය කළේය. 1996 සිට 2010 දක්වා ප්‍රංශ සෙවන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු, 2014 වසරේ චීනයේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලේදී ප්‍රංශ වයස අවුරුදු 18න් පහළ කණ්ඩායමට රන් පදක්කමක් දිනා දීමට සමත් විය. තියරි ජැනසෙක් මහතා එළඹෙන සිකුරාදා මෙරටට පැමිණීමට නියමිතය.














