ඊශ්‍රායලය විසින් ඉරානයේ ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන ‘සවුත් පරාස්’ (South Pars) වෙත එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය දියත් කළ මිසයිල ප්‍රහාර මාලාවකින් කටාර් රාජ්‍යයේ ප්‍රධාන ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) මෙහෙයුම් මධ්‍යස්ථානයකට දැඩි හානි සිදුව තිබේ. කටාර්හි රාස් ලෆාන් (Ras Laffan) කාර්මික නගරයට පතිත වූ මෙම මිසයිල ප්‍රහාරය හේතුවෙන් ප්‍රධාන ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන ඇති අතර, මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ආරක්ෂිත පියවරක් ලෙස සිය ගෑස් මධ්‍යස්ථානවල මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇත. සෞදි අරාබිය තමන් වෙත එල්ල වූ ඩ්‍රෝන සහ බැලස්ටික් මිසයිල සාර්ථකව මැඩපැවැත්වූ බව ප්‍රකාශ කළ ද, මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම දැඩි අවදානමකට ලක්ව තිබේ.














