ඉරානයේ සහ කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වන මිසයිල ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන් සිය දැඩි විරෝධය පළ කර තිබේ. සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන මෙවැනි ප්‍රහාර වහාම තහනම් කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් එමීර්වරයා සමඟ ද විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත. කටාර්හි රාස් ලෆාන් LNG මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.














