රාගම සතිපොළ බදු පදනම මත ලබාගත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රාගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පාරිභෝගිකයන්ට අවහිර වන පරිදි වාහන ගාල් කිරීම සහ පදික වේදිකාවේ වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා දිනකට රුපියල් පන්දහස බැගින් මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බැවින් සැකකරු මෙලෙස බන්ධනාගාරගත කර ඇත.














