ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල යළිත් ඩොලර් 112 සීමාවට ආසන්න වී තිබේ. අද උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 111.90ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.54ක් ලෙස දැක්විණි. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර දේශපාලනික හා යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.














