‘රජරට හදවත’ ලෙස විරුදාවලිය ලත් බෝවතැන්න ජලාශය ඉදිකර වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘කළ ගුණ’ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි. මෙහි ප්‍රධාන අංගයක් ලෙස මහා සංඝරත්නය සියක් නමක් ජලාශයේ වේල්ල මත හිඳ ජයපිරිත සජ්ඣායනා කරමින් ආශිර්වාද කළහ. මීට වසර 53කට පෙර මෙම ජලාශය ඉදිකිරීම සඳහා තම ඉඩකඩම් පරිත්‍යාග කර මහවැලි ‘එච්’ කලාපයට පදිංචියට ගිය ජනතාවට උපහාර දැක්වීම ද මෙහිදී සිදු වූ අතර, මහවැලි නිලධාරීන් එම ජනතාව හමුවීමට බුල්නෑව ප්‍රදේශයට ‘නෑගම්’ යාම ද විශේෂත්වයකි. මහවැලි නිලධාරීන් සහ ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා ඇතුළු පිරිසක් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.














