කුවේට් රාජ්‍යයේ වැදගත් ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැකකෙරෙන හෙස්බුල්ලා සංවිධානයට සම්බන්ධ කුවේට් ජාතිකයින් 10 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශීය මෙහෙයවීම් මත වැදගත් ස්ථානවල දත්ත ලබාදීමට මොවුන් කටයුතු කර ඇති බවත්, හෙස්බුල්ලා සංවිධානයට අයත් විදෙස් පුහුණු කඳවුරුවල මොවුන් පුහුණුව ලබා ඇති බවත් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම සතිය මුලදී ද මෙවැනිම සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ කුවේට් රාජ්‍යයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් හෙස්බුල්ලා සංවිධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ කුවේටය තුළ තම සාමාජිකයන් ක්‍රියාත්මක නොවන බවයි.














