එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව මැඩපවත්වා තිබේ. සිද්ධියත් සමඟ එරට වැසියන්ට ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස ජංගම දුරකථන පණිවිඩ මගින් දැනුම් දුන් බලධාරීන්, පසුව තත්ත්වය පාලනය කර ඇති බැවින් බිය නොවන ලෙසත් රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් නිවේදනය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේ එල්ල වූ තර්ජනයන්ට ගුවන් ආරක්ෂක පද්ධති නිසි පරිදි ප්‍රතිචාර දැක්වූ බවත්, මේ වන විට ජනතාවට සාමාන්‍ය දෛනික කටයුතුවල නිරත විය හැකි බවත්ය.














