ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් රෆායෙල් (San Rafael) නගරයේ පිහිටි වාණිජ ගොඩනැගිල්ලක ඊයේ (18) පස්වරුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. ලාර්ක්ස්පර් වීදියේ (Larkspur St) පිහිටි ගොඩනැගිල්ලක හටගත් මෙම ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා කළු දුමාරයක් පැතිර ගිය අතර, සැන් රෆායෙල් ඇළ මාර්ග (Canals) අසල සිටි වැසියන් පවසන්නේ තමන්ට දැඩි දුමාරයක් දක්නට ලැබුණු බවයි. වහා ක්‍රියාත්මක වූ සැන් රෆායෙල් ගිනි නිවන ඒකකය ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ අතර, ගින්න ගොඩනැගිල්ලට පමණක් සීමා කිරීමට ඔවුන් සමත් විය. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.














