ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම පිළිබඳව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ නෝර්වේ කොන්සියුලර් ස්ටර්ල් හැරල්ඩ් පෙඩර්සන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. සුළං, සූර්ය සහ උදම් රළ මඟින් බලශක්තිය නිපදවීමට මෙන්ම කෘෂිකාර්මික අපද්‍රව්‍ය භාවිතයෙන් ගෑස් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. සූර්ය බලශක්තියෙන් නිපදවන හයිඩ්‍රජන් කෘෂිකර්මය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම භාවිත කළ හැකි ආකාරය පෙන්වා දුන් කොන්සියුලර්වරයා, ඒ සඳහා සකස් කළ විශේෂ ව්‍යාපෘති වාර්තාවක් ද අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.














