ඇසෑමය, බටහිර බෙංගාලය, තමිල්නාඩුව, කේරළය සහ පුදුචේරි යන ප්‍රාන්ත පහේ ඉදිරි නියමිත මැතිවරණ ඉන්දියානු ඉතිහාසයේ වඩාත්ම විනිවිදභාවයකින් යුත් මැතිවරණ බවට පත් කිරීමට කැපවන බව ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් පවසයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, බිය ගැන්වීම් හෝ අල්ලස් ලබා දීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කිසිදු ඉවසීමක් නොදක්වන බවත්, සියලු දේශපාලන පක්ෂ සඳහා සමාන අවස්ථා ලබා දීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය. මැතිවරණයේ අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සඳහා මධ්‍යම නිරීක්ෂකයින් 1,111 දෙනෙකු යෙදවීමටත්, පක්ෂග්‍රාහී නිලධාරීන් ඉවත් කර පරිපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමටත් පියවර ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














