ලෙබනනයේ දකුණු ප්‍රදේශය සෙසු රට සමඟ සම්බන්ධ කරන ප්‍රධානම සන්ධිස්ථානයක් වන ලිටානි (Litani) ගංගාව හරහා ඇති පාලම් දෙකක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් විනාශ කර තිබේ. හෙස්බුල්ලා සටන්කාමීන් අවි ආයුධ ප්‍රවාහනය සඳහා මෙම පාලම් භාවිතා කරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කරන අතර, මෙම ප්‍රහාරයට පෙර සිවිල් වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබුණි. මේ අතර බීරූට් අගනුවර මධ්‍යම ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මාර්තු 02 වනදා සිට මේ දක්වා ලෙබනනය තුළ පුද්ගල මරණ 968ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම දරුණු යුදමය වාතාවරණය හමුවේ ලෙබනනයේ මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව ද වාර්තා වේ.














