ඉරාන පාපන්දු කණ්ඩායම සහභාගී වීමට නියමිත ලෝක කුසලාන තරග සියල්ල ඇමරිකාව වෙනුවට මෙක්සිකෝවේදී පවත්වන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය FIFA ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවට කළ ප්‍රකාශය හේතුවෙන් තම කණ්ඩායම ඇමරිකාවට නොයැවීමට තීරණය කළ බව ඉරාන පාපන්දු සභාපති මෙහ්දි තාජ් මහතා සඳහන් කර ඇත. මේ හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස සියලු තරග මෙක්සිකෝවේදී පවත්වන ලෙස ඉරානය වැඩිදුරටත් ඉල්ලා සිටී.














