කොළඹ ජාතික අක්ෂි රෝහලේ පොරොත්තු ලේඛනවල රැඳී සිටින රෝගීන් 1000ක් වෙනුවෙන් ඇසේ සුද ඉවත් කිරීමේ විශේෂ ශල්‍යකර්ම වැඩසටහනක් එළඹෙන මාර්තු 21 සහ 22 යන දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ රෝගීන් සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච නොමිලේ ලබාදෙන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම සත්කාර්යය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන් දායක වන අතර මෙහිදී ශල්‍යකර්ම සඳහා තෝරාගනු ලබන්නේ දැනටමත් ලියාපදිංචි වී පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් පමණක් බව ද අවධාරණය කෙරේ.












