කොළඹ ප්‍රමුඛ පෙළේ පිරිමි විදුහල් දෙකකට අයත් සිසුන් පිරිසක්, පාසල් මහා ක්‍රිකට් තරග සමයේ සාම්ප්‍රදායික ‘තොප්පි එකතු කිරීමේ’ (Hat-collection) කටයුතු සඳහා ප්‍රමුඛ පෙළේ බාලිකා විදුහලකට අද (18) ඇතුළු වී තිබේ. සීසීටීවී (CCTV) දර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මෙම සිසුන් කණ්ඩායම බලහත්කාරයෙන් මෙන් බාලිකා විදුහල් පරිශ්‍රයට ඇතුළු වන ආකාරයයි. පසුව වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලිසිය, අදාළ බාලිකා විදුහලට ඇතුළු වී එම සිසුන් පිරිස ආරක්ෂිතව විදුහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














