ලේක්හවුස් (එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම) ආයතනයේ එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ 32 වැනි මහා සභා සංවත්සරය පසුගියදා එම ආයතන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී එම සමිතියේ නිර්මාතෘ සහ ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කරමින් වසර ගණනාවක් පුරා සිදුකළ සුවිශේෂී සේවය අගයමින් ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල වැලිවිට මහතාට උපහාර පිදීම සිදු කෙරුණි.
චන්ද්‍රපාල වැලිවිට මහතා වෙත උපහාර තිළිණ ප්‍රදානය සිදු කරන ලද්දේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියගල මහතා විසිනි. ලේක්හවුස් ආයතනයේ සේවක සුබසාධනය වෙනුවෙන් අවමංගල්‍යාධාර සමිතියක් ස්ථාපිත කර එය දශක තුනකට අධික කාලයක් සාර්ථකව පවත්වාගෙන යාමට ඔහු ලබාදුන් නායකත්වය මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සමාගම් ලේකම් සුදර්ශී ප්‍රසංගා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. ධනසේන මහතා ඇතුළු නිලධාරීන් සහ සේවක පිරිසක් සහභාගී වී සිටියහ. ආයතනික සහයෝගීතාවය සහ සේවක සුබසාධනය ඉහළ නැංවීම සඳහා මෙවැනි සමිති මගින් ඉටුවන මෙහෙවර මෙහිදී ප්‍රභූ අමුත්තන්ගේ අවධානයට යොමු විය.














