ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය වැළැක්වීම සඳහා පැවති සාකච්ඡා සාර්ථක වීමට ඉහළ ඉඩකඩක් තිබියදී, ඇමරිකාව විසින් යුද්ධය තෝරා ගැනීම “මහා විනාශයක්” (Catastrophe) බව මෙම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කළ ඔමාන විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි මහතා පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරියට සිය විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ පාලනය ගිලිහී ගොස් ඇති බවත්, ඔවුන් ඉශ්‍රායලයේ දැඩි බලපෑමට යටත්ව ඇති බවත් ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙයි.
ඔමාන විදේශ අමාත්‍යවරයා හෙළිදරව් කරන පරිදි, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණීමට ඉතා ආසන්නව සිටි අවස්ථා දෙකකදීම ඇමරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ වී ඇත. විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි 26 වනදා ජිනීවා නුවරදී පැවති තීරණාත්මක සාකච්ඡාවලින් පැය කිහිපයකට පසු, පෙබරවාරි 28 වනදා ඇමරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම තමන්ට දැඩි කම්පනයක් ගෙන දුන් බව ඔහු පවසයි.
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි (Ali Khamenei) ඝාතනය කිරීමෙන් පසු ඉරානය වහාම යටත් වනු ඇතැයි ඉශ්‍රායල නායකත්වය විසින් ට්‍රම්ප් මහතාව පොළඹවා ගැනීම ඇමරිකාව සිදුකළ විශාලතම වැරදි ගණනය කිරීම බව අල්බුසයිඩි මහතා සඳහන් කරයි. බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂක උපදේශක ජොනතන් පවෙල් ද ඉරානයේ යෝජනා සාමකාමී විසඳුමකට ප්‍රමාණවත් බව පිළිගෙන තිබියදී, ඇමරිකාව යුද්ධයකට අවතීර්ණ වීම පිළිබඳව ජාත්‍යන්තරය තුළ දැඩි කනස්සල්ලක් මතුව තිබේ. ඇමරිකාවේ සැබෑ මිතුරන් ලෙස සත්‍යය ප්‍රකාශ කිරීමේ වගකීමක් තමන්ට ඇති බව පවසන ඔමාන විදේශ අමාත්‍යවරයා, මෙම යුද්ධය අනවශ්‍ය ලෙස නිර්මාණය කරන ලද්දක් බව අවධාරණය කරයි.














