• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ජනපති හමුවෙයි

ඉන්දු පැසිෆික් කලාපීය ආරක්ෂාව සහ මුහුදු මාර්ග සුරැකීම ගැන අවධානය

19 March 2026
in දේශීය, පුවත්
ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ජනපති හමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන ඇමෙරිකානු විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස කටයුතු කරන සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මාර්තු 19 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නිල සංචාරයක නිරත වන සර්ජියෝ ගෝර් මහතාගේ මෙම පැමිණීම සනිටුහන් වන්නේ, ඇමෙරිකානු පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර්ගේ කොළඹ සංචාරයෙන් මසකට පසුවය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට දින කිහිපයකට පෙර පැසිෆික් අණදෙන නිලධාරියා මෙරටට පැමිණ සිටීම දේශපාලන වශයෙන් විශේෂ අවධානයට ලක්වූ කරුණකි.
මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, වර්තමාන මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ එමගින් මෙරටට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා ඇමෙරිකානු නියෝජිත පිරිස දැනුවත් කර තිබේ. ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීම සහ නිදහස්, විවෘත මෙන්ම සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදය දරන උත්සාහයන්ට සහය වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂ නියෝජිත ගෝර්ගේ මෙම සංචාරය හරහා අත්‍යවශ්‍ය මුහුදු මාර්ග ආරක්ෂා කිරීම, වරායන් සුරක්ෂිත කිරීම සහ දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළෙඳ සහ වාණිජ සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරේ. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය නැවත තහවුරු කිරීමටත්, සමුද්‍රීය ආරක්ෂාවේ සිට උපාය මාර්ගික ආයෝජන දක්වා වූ පුළුල් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් මෙහිදී අපේක්ෂා කෙරේ. සර්ජියෝ ගෝර් මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ සමීපතමයෙකු මෙන්ම මීට පෙර ධවල මන්දිරයේ ජනාධිපති සහයක නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති අතිශය පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
Post Views: 2
Previous Post

ඇමරිකාවට සිය විදේශ ප්‍රතිපත්තිය පාලනය කරගත නොහැකි වී ඇත

Next Post

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සමථයකට පත් කරගන්නැයි අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

20 March 2026
ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

20 March 2026
ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුව වන ‘බසාන් ගෲප්’ වෙත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුව වන ‘බසාන් ගෲප්’ වෙත මිසයිල ප්‍රහාරයක්

20 March 2026
අපනයන ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීමට රජය උපරිමයෙන් මැදිහත් වෙනවා

අපනයන ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීමට රජය උපරිමයෙන් මැදිහත් වෙනවා

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

20 March 2026
ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved