පල්ලෙවෙල පොලිස් වසමට අයත් කල්එළිය හංදියේදී පෙරේදා (18) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය වේගයෙන් පැමිණ ඇති අතර, බවුසර් රථයේ ගැටීමෙන් යතුරුපැදියට මෙන්ම එහි ගමන් කළ පුද්ගලයාට ද දැඩි හානි සිදුවිය.
ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව වහාම ක්‍රියාත්මක වූ පිරිස තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල්ගත කිරීමට පියවර ගත් අතර, අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද සුළු වේලාවකට බාධා එල්ල විය. පල්ලෙවෙල පොලිසිය විසින් බවුසර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරට හේතුව යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී ධාවනය ද නැතහොත් බවුසර් රථයේ වරදක් ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














