ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ (IRGC) මාධ්‍ය ප්‍රකාශක සහ මහජන සම්බන්ධතා පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී අලි මොහොමඩ් නයිනි (Ali Mohammad Naini), ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය අද (20) තහවුරු කළේය. මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරාන හමුදා නායකත්වය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය, දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් තවදුරටත් උග්‍ර වීමට හේතු වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කලාපයේ අනෙකුත් බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති අතර, දැනටමත් කුවේටයේ සහ කටාර්හි තෙල් හා ගෑස් මධ්‍යස්ථාන වෙත එල්ල වී ඇති ප්‍රහාර මෙහි ප්‍රතිඵලයක් බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













