බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැරහුන්න ගම්මානය ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන අද (20) ආරම්භ විය. මෙතෙක් කිසිදු රජයක සැලකිය යුතු අවධානයක් යොමු නොවූ, දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජනතාව ජීවත් වන මෙම ගම්මානය නූතන පහසුකම් සහිත ආදර්ශ ගම්මානයක් බවට පත් කිරීම මෙහි අරමුණයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ගම්මානයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, ක්‍රීඩාංගණ පහසුකම් නැංවීම ඇතුළු යටිතල පහසුකම් රැසක් වැඩිදියුණු කිරීමට නියමිතය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම අවස්ථාවට බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ආරියදාස ගමඇතිගේ සහ බලංගොඩ නගරාධිපති පේෂල නිකලන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සංවර්ධන කටයුතු හරහා ගම්මානයේ පවතින සමාජ-ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.















