ලොව සුපතල ‘Walker, Texas Ranger’ සහ ‘Delta Force’ වැනි ක්‍රියාදාම චිත්‍රපට මාලාවන් හරහා අතිමහත් ජනප්‍රියත්වයක් ලැබූ ඇමෙරිකානු සටන් කලා ශිල්පී සහ නළු චක් නොරිස්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හවායි හි රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ සිය 86 වන උපන්දිනය සැමරූ ඒ මහතාට වැළඳී ඇති රෝගී තත්ත්වය පිළිබඳව නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත.
TMZ පුවත් සේවය වාර්තා කරන අන්දමට, චක් නොරිස් මේ වන විට සිහි බුද්ධියෙන් පසුවන අතර යහපත් මානසික මට්ටමකින් (Good spirits) ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු සිය 86 වන උපන්දිනය නිමිත්තෙන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් එක් කරමින් පවසා තිබුණේ, “මම වයසට යන්නේ නැහැ, මම මගේ මට්ටම (Level up) ඉහළ නංවා ගන්නවා” යනුවෙනි.
1972 වසරේදී සුපිරි සටන් නළු බෲස් ලී සමඟ ‘The Way of the Dragon’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු, දශක ගණනාවක් පුරා ලොව පුරා රසිකයන් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. විශේෂයෙන්ම අන්තර්ජාලය තුළ ඔහු පිළිබඳව නිර්මාණය වී ඇති ‘Chuck Norris Facts’ නැමැති හාස්‍යජනක ප්‍රකාශ (Memes) ඔහු කෙරෙහි පවතින ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු කරයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහුගේ පළමු බිරිඳ වූ ඩයන් හෝල්චෙක්ගේ අභාවය සිදු වූ අතර, ඔහු මේ වන විට ජීනා ඕ’කෙලී සමඟ විවාහ වී සිටී. චක් නොරිස් හට දරුවන් පස් දෙනෙකු සිටින අතර ඔහු ලෝක සටන් කලා ශූරයෙකු ලෙස ද සම්මානයට පාත්‍ර වී ඇත.
ප්‍රතිකාර ලබන චක් නොරිස් මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම, ඔහුගේ රසිකයන් පවසන්නේ “චක් නොරිස් අසනීප වන්නේ නැත… ඔහු වෛරස් ප්‍රාණ ඇපයට ගනු ලබයි” (Chuck Norris doesn’t get sick… He holds viruses hostage) යනුවෙනි.














