පසුගියදා දික්ඕවිට ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 479ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 177ක් සහ ගිනිඅවි 11ක් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළේය. මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අදාළ නඩු භාණ්ඩ අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණු අතර මෙම සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතරින් පස්දෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත්, අනෙක් සැකකරුවන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් අධිකරණයට දැනුම් දෙන ලදී. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වාගෙන යන බවයි.














