• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හොංකොං හී සිදුවූ දරුණුතම ගිනි අනතුරට හේතුව මිනිස් වැරදි බව හෙළි වෙයි

20 March 2026
in පුවත්, විදෙස්
හොංකොං හී සිදුවූ  දරුණුතම ගිනි අනතුරට හේතුව  මිනිස් වැරදි බව හෙළි වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය 2025 වසරේ නොවැම්බර් මාසයේදී හොංකොං හි තායි පෝ (Tai Po) දිස්ත්‍රික්කයේ පිහිටි ‘වං ෆුක් කෝර්ට්’ (Wang Fuk Court) නිවාස සංකීර්ණයේ හටගත් දරුණු ගින්න පිළිබඳ ස්වාධීන කමිටු විමර්ශන ඊයේ (මාර්තු 19) ආරම්භ විය. එහිදී කරුණු දැක්වූ ප්‍රධාන නීතිඥ වික්ටර් ඩෝස් මහතා ප්‍රකාශ කළේ, ගොඩනැගිලි හතක් වෙළා ගනිමින් පුද්ගලයන් 168 දෙනෙකුට ජීවිත අහිමි කළ මෙම ව්‍යසනයට ප්‍රධානතම හේතුව මිනිස් නොසලකා හැරීම් සහ ආරක්ෂක පද්ධති ක්‍රියා විරහිත කර තිබීම බවයි. ගින්න හටගත් අවස්ථාවේදී එම ගොඩනැගිලිවල පැවති සියලුම ගිනි ආරක්ෂණ පද්ධතීන් පාහේ ක්‍රියා විරහිතව තිබූ බව එහිදී අනාවරණය විය.
ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු සිදුවෙමින් පවතින අතරතුර, ඒ සඳහා ඉදිකර තිබූ බාහිර ආධාරක (Scaffolding) මත සිටි කම්කරුවන් දුම්වැටි පානය කර ඉතිරි කොටස් විසි කිරීම නිසා මෙම ගින්න හටගන්නට ඇති බව සැක කෙරේ. ගින්න හටගත් ස්ථානයේ තිබී දුම්වැටි කොටස් සහ පිළිස්සුණු කඩදාසි පෙට්ටි හමුවී ඇත. මීට පෙරද කම්කරුවන් එහි දුම්වැටි පානය කරන බවට පැමිණිලි ලැබී තිබුණද, බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බව හෙළි විය.
ගින්න හටගත් අවස්ථාවේදී ගොඩනැගිල්ලේ ගිනි අනතුරු ඇඟවීමේ සංඥා (Alarms) සහ ජල නල පද්ධති (Hose systems) වසා දමා තිබූ බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, ගොඩනැගිල්ල ආවරණය කිරීමට ගින්නට ඔරොත්තු නොදෙන දැල් (Non-fire-retardant netting) භාවිතා කිරීමත්, පඩිපෙළ අසල ජනේල ලෑලිවලින් වසා තිබීමත් නිසා දුමාරය පිටවීමට නොහැකි වී පදිංචිකරුවන්ගේ පලායාමේ මාර්ග අවහිර වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සාවද්‍ය මිනීමැරුම් සහ වංචා සහගත ක්‍රියාවන් යටතේ පුද්ගලයන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 9 දෙනෙකුට මේ වන විටත් නඩු පවරා තිබේ. නඩත්තු කටයුතු සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් පවතින දූෂණ සහ අල්ලස් ගැනීම් පිළිබඳව ද දූෂණ මර්දන ඒකකය පරීක්ෂණ පවත්වයි.
මියගිය අය අතර එක් ගිනි නිවන භටයෙකු ද වන අතර, පවුල් 37කට සිය සාමාජිකයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අහිමි වී තිබේ. හොංකොං පාලක ජෝන් ලී (John Lee) පවසා ඇත්තේ විපතට පත්වූවන්ට ලබන අප්‍රේල් මාසයේදී සිය නිවෙස්වල ඉතිරිව ඇති බඩුබාහිරාදිය ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බවයි. කෙසේ වෙතත්, වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් තවමත් නගරය පුරා විසිරුණු තාවකාලික නිවාසවල ජීවත් වෙති.
Post Views: 5
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 375.72 කින් ඉහළට

Next Post

සෙනසුරාදා සහ ඉරිදාත් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

20 March 2026
සෙනසුරාදා සහ ඉරිදාත්  ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට  නොරැවටෙන්නැයි දැනුම්දීමක්

සෙනසුරාදා සහ ඉරිදාත් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි දැනුම්දීමක්

20 March 2026
හොංකොං හී සිදුවූ  දරුණුතම ගිනි අනතුරට හේතුව  මිනිස් වැරදි බව හෙළි වෙයි

හොංකොං හී සිදුවූ දරුණුතම ගිනි අනතුරට හේතුව මිනිස් වැරදි බව හෙළි වෙයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved