• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

20 March 2026
in දේශීය, පුවත්
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1,253ක් වෙනුවෙන් හානිපූර්ණ වන්දි චෙක්පත් පිරිනැමීම අද (20) දින නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. පළමු අදියර යටතේ ග්‍රාම සේවා වසම් 17ක ජනතාව වෙනුවෙන් මෙම වන්දි ලබාදීම සිදුකෙරෙන අතර, ගොතටුව ශ්‍රී කන්දෙ විහාරස්ථානය සහ මුල්ලේරියාව ශ්‍රී කලටුවාවත්ත පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
අර්ධ හානි වූ නිවාස සඳහා රජය මගින් අනුමත කර ඇති රුපියල් ලක්ෂ 05ක මුළු වන්දි මුදලින්, පළමු ඉදිකිරීම් වාරිකය ලෙස රුපියල් ලක්ෂ 03ක වටිනාකමින් යුත් චෙක්පත් අද දින නිවාස හිමියන් වෙත පිරිනමන ලදී. ඉතිරි රුපියල් ලක්ෂ 02ක මුදල නිවසේ ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගිවිසුම්ගත එකඟතාවය මත ලබාදීමට නියමිතය. මෙම නිවාස වැඩසටහන යටතේ පෙර තිබූ නිවසට වඩා ප්‍රමිතිගත සහ ආරක්ෂිත නිවසක් ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ තාක්ෂණික සහ උපදේශන සහාය නිරන්තරයෙන් ලබාදීම සුවිශේෂී කරුණකි.
වන්දි ප්‍රදාන උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ දිට්වා ව්‍යසනයෙන් වැඩිම පවුල් සංඛ්‍යාවක් හානියට පත් වූයේ කොලොන්නාව ආසනයේ බවයි. එබැවින් මෙම අර්බුදය කළමනාකරණය කිරීම විශාල අභියෝගයක් වුවද, රාජ්‍ය නිලධාරීන්ගේ සහ දේශපාලන අධිකාරියේ සාමූහික මැදිහත්වීම මත ඉතා කෙටි කලක් තුළ ජනතාවට සහන සැලසීමට හැකි වූ බව ඔහු පැවසීය. විපක්ෂය විසින් එල්ල කරන පදනම් විරහිත චෝදනාවලට ප්‍රායෝගිකව පිළිතුරු දෙමින් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය කැපවී සිටින බවත්, පවතින බලශක්ති අර්බුදය හමුවේ ද ජනතාව බුද්ධිමත්ව සහ සාමූහිකව රට ගොඩනැගීමට එක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කොලොන්නාව නගරාධිපති ධම්මික විජේමුණි, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියහ.
Post Views: 14
Previous Post

සෙනසුරාදා සහ ඉරිදාත් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි දැනුම්දීමක්

Next Post

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි - අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved