පවතින ඉන්ධන අර්බුදය හමුවේ අනීතික ලෙස ඉන්ධන රැස්කර තබාගන්නා පුද්ගලයන් සොයා පොලිසිය දියත් කර ඇති විශේෂ වැටලීම් මාලාවකදී සැකකරුවන් තිදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව පොලිස් වසමේ අක්කර 50 සහ දළුපොත ප්‍රදේශවල සිදු කළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 18ක් ළඟ තබාගෙන සිටි 51 සහ 53 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව හංවැල්ල පොලිස් වසමේ ඇමුල්ගම ප්‍රදේශයේදී සිදු කළ තවත් වැටලීමකදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 645ක් වැනි විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි 31 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඉන්ධන හිඟය පවතින මෙවැනි වකවානුවක කළු කඩ මිලට අලෙවි කිරීම සඳහා මෙලෙස ඉන්ධන රැස්කර තබාගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජය පොලිසියට උපදෙස් දී ඇත. හංවැල්ල සහ මීගමුව පොලිස් ස්ථාන මඟින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














