වර්තමානයේ පවතින දරුණු ලෝක යුදමය වාතාවරණය නතර කර දැමීමට මැදිහත් වන ලෙස දෙවියන් වහන්සේගෙන් යැදීම මෙම චතාරික සමයේ සැමගේ වගකීමක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ප්‍රකාශ කර සිටියි. යුද ගිනි දැල් නිවී සාමය උදාවීම වෙනුවෙන් කිතුනු බැතිමතුන් ජපමාලය උච්ඡාරණය කරමින් දේව සරණ සහ මරිය මව්ගේ මැදිහත් වීම ඉල්ලා සිටිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.
විශේෂයෙන්ම මෙම චතාරික සමය තුළ හැකි සෑම අයකුම නිරාහාර ශීලය රැකීම, මර්දන ක්‍රියාවල නිරත වීම සහ අසරණයන් වෙනුවෙන් දයා ක්‍රියාවන් ඉටු කරමින් අධ්‍යාත්මිකව මෙම සාමයේ මෙහෙවරට දායක වන ලෙස කාදිනල් තුමා ඉල්ලීමක් කරයි. ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ආගමික මෙහෙවර තුළින් සාමය උදා කර ගැනීමට ඇති හැකියාව උන්වහන්සේ මෙහිදී පෙන්වා දී තිබේ.














